Posts

Showing posts from February, 2018

මමයි මනාලී

Image
"චූටී..... චුට්ටක් පහලට ගිහින් බලන්න අක්ක පරක්කු මොකද කියල" "අනේ අම්මා මං මේ ඇග සෝදගත්තා විතරයි. පහලට බැහැල ආපහු නැග්ගම දාඩිය නාන්න වෙනවා." "ඇයි ආපහු ඇග සෝදගන්න බැරිද? ලිදේ වතුර හිදිලද?.අහ්...ගුටි නොකා බලල එනවා අක්කව." සුමේධා සැර උනා. සුමේධා නුවර පලාතේ ලස්සන ගම්මානෙක චුටි කදු ගැටයක් මුදුනෙ තියෙන ලස්සන හුරුබුහුටි ගෙදරක ජීවත් වෙන මධ්‍යම පාන්තික පව්ලක කාන්තාවක්. සුමේධාට දූවරු දෙන්නෙක් හිටියා. ලොකු දූ ස්නේහා. චූටි දූ සිතුම්‍යා. චූටි දූට අවුරුද්දක් පිරෙද්දිම වගේ සුමේධාගෙ මහත්තයා රස්සාව කරපු කර්මාන්ත ශාලාව ගිනි අරන් ඒ ගින්නෙන් පිලිස්සිලා මිය යනවා. එතැන් ඉදන් පුංචි දරුවො දෙන්නෙක් හදාගෙන ජීවත් වෙන්න සුමේධා නොවිදිනා දුක් විදිනවා. අදටත් එහෙමයි. ලොකු දූ ස්නේහා උසස් පෙල ලියලා ප්‍රතිපල අපේක්ශාවෙන් ඉන්නවා. ස්නේහා හරිම ලස්සන යුවතියක්. ඇත්දල පාට හම. කලුම පාට දිග කොන්ඩේ, ඇවිදින තාලෙට නැලවෙන උකුල වගේම ආකර්ශනිය හිනාව ඇගේ රූමත්කමට සාක්ශි උනා. සුමේධාත් හරිම ප්‍රියමනාප කාන්තාවක්. "අනේ සුමේධෝ ලොකු කෙලී නම් ඇරපු අතක් නෑ උබේ කපාපු පලුව.සුරංගනාවියක් වගේ." හිතවත් උද

හොඳම නිළිය

Image
හොදම නිලිය ශාලාව පුරාම සිටින කලාකරුවන් සියල්ල දෑස් වේදිකාව වෙතම යොමුකරගෙන සිටියේ හොදම ප්‍රතිපල අපේක්ශාවෙන්. නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිවේදකයා ජයග්‍රාහී නාමය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් උනා. " නිර්දේශිත නාමයන් අතරින් වසරේ විශිශ්ටතම රංගන ශිල්පිණියට පිදෙන සම්මානයෙන් පිදුම් ලබන්නේ..... පිණි බිඳු චිත්‍රපටයේ දේදුනුගේ චරිතයට පන පෙවූ සිතාරි නයගරා..." ශාලාවම ඔල්වරසන් හඩින් පිරී යද්දී හිතවතුන්ගේ සුබ පැතුම් මධ්‍යයේ සිතාරි වේදිකාවට නැගුනා. "ඉතින් සිතාරි ඔබේ පලමු සිනමා නිර්මානයෙන්ම ඔබ සම්මානට පාත්‍ර වෙනවා. කොහොමද දැනෙන හැගීම." "ඇත්තටම හුගක් සතුටුයි. මට උදව් කරපු අයටත් එ වගේම එහෙම නොකරපු අයටත් හුගක්ම ස්තූතිවන්ත වෙනවා." සොදුරූ වූ සිනහවකින් වත සරසාගෙන සිටින මේ රූමත් නිලිය ලෝකෙටම පේන්න හරි අහිංසක යුවතියකගේ භූමිකාව රගපෑ ඇතුලාන්තයෙන්ම හිස් කාන්තාවක්. සැබැවින්ම ඇය කාන්තාවක්. මොකද යුවතියක් සතු පිරිසිදු බව ඇයට අහිමි නිසා. යුවතියක් සතු වටිනාම සම්පතද ඇය තිළිණ කරන්නේ ආදරයේ නාමයෙන් නම් නෙවෙයි. නිළිකමේ නාමයෙන්. සිතාරි කෑගල්ල තරමක් පිටිසර ගමක උපන්නියක්.

මගේ නර්ස් නෝනා

Image
මගේ නර්ස් නෝනා වෙලාව 7.30යි. එලි වෙච්ච වෙලේ ඉදන්මයි සුදීශ මේ වෙලාව එනකන් බලන් හිටියේ. ඈතින් ට්‍රොලියෙ සද්දෙ ලාවට වගේ ඇහෙද්දී සුදීශගෙ මූනට හරි ලස්සන හිනාවක් ආවා. "අපෝ බෙහෙත් ගේනවා. ඔය බෙහෙත් වඩිය ගිලින එක තමා කොරන්න අමාරුම." වයසක සියා කෙනෙක් ලග ඇදක කාට හරි කියනව සුදීශ අහගෙන. ඒ සීයා විතරක් නෙවෙයි වාට්ටුවෙ හැමෝම මේ වෙලාවට අකමැති. මොකද මේ බෙහෙත් වෙලාව නිසා.ඒත් බෙහෙත් වෙලාවට සුදීශ නම් හරි ආස කලා. ඒ බෙහෙත් බොන්න නම් නෙවෙයි බෙහෙත් ට්‍රොලිය තල්ලු කරන් එන සුහාරාගෙ හිනාව දකින්න. "සුදීශ නිර්මාල් මිහිරිපැන්න. " ඒ ඔහුගේ නම. දරුවන් තිදෙනෙක්ගෙන් යුත් පව්ලෙ බඩපිස්සා. ඒ වගේම පව්ලේ එකම පිරිමි දරුවා. දීප ව්‍යාප්ත සුපිරි වෙලදසැල් ජාලයක මාතර ශාකාවේ කලමනාකරු විදිහට පත්වීම ලැබිලා මාසයයි. හදිස්සියේ සෑදුනු උනක් නිසා සුදීශට දැනට දින දෙකකට කලින් රෝහල්ගත වෙන්න සිද්ද උනා. කොහොම හරි ටිකට් කපන් යන්න උත්සහ කලත් ඔහුට අන්තිමේ රෝහල්ගත වෙන්නම සිද්ද උනා.ඒත් ඒ නිසාමයි සුදීශට සුහාරව මුනගැහෙන්නෙත්. "සුහාරා කේතකී රණසිංහ." ඇය හෙදියක්. සුදීශ ප්‍රතිකාරගන්න රෝහලේමයි සෙවය කලේ. කැරලි කොන්ඩෙත්

Sumangi සුමංගි

Image
"ස්...ස්... සුමංගි.." රහසින් වගේ මට කතා කරන්නේ රමිත කියලා මං දන්නවා. මොකද මේ හැමදාම මට පුරුදු දේනේ. "මේ ඕයි බලනෝකෝ පොඩ්ඩක්" රමිතගෙ කරදරේ ෆස්ට් පීරියඩ් එක ඉවර වෙනකන්ම නවතින්නෙ නෑ. ඒත් මට බලන්නත් බෑ. එතකොට ඒ ඇස් දෙක දකිනවා එතකොට පාඩමක් නම් මට කරගන්න වෙන්නැහැ. 'ඕනි තරම් සූ ගාපුදෙන් මන් බලන්නැහැ..' මන් හිතාගත්තා. " සුමංගි......." මගේ ඉස්සරහ පේලියෙ ලමයිනුත් රමිතගෙ සද්දෙට හැරිල බලනවා. මිස් උගන්වනවා. "මේ සුමෝ අරූ කෑගහනා මිස්ට ඇහෙන්න කලින් චුට්ටක් ඒ පැත්ත බලපං." ඒ පාර දෙව්නි පටන් ගත්තා. " අනේ බෑ බං." "ඇයි බැරි." " මට බෑ බං." "අපෝ උබ නම්.?" "උබට ඕනි නම් බලපන්. මට නම් බෑ" "උබ බයයි නේද?" "ඒ මොකටද?" "කල්හාරට පෙනෙයි කියලා." මගේ මූනින් මං හිතන ඒවා පේනවද කියලා මට බය හිතුනා. එහෙම පේනවා නම් මන් කල්හාරට ආදරෙයි කියල එයාටත් පේනවා ඇති. ඒක නිසාද දන්නැහැ මෙච්චර එපා කියද්දිත් පස්සෙන්ම එන්නෙ. "එහෙම එකක් නෑ බං. උබට පිස්සුද ?" "අනේ නිකන් ඉදපං. උබේ