Posts

Showing posts from March, 2018

මියැදෙන ආදරේ

Image
ඒ හිනාව යට, මා මත් කල කතාව යට, මට පෙන්වූ ආදරේ යට, රකුසෙකු සිටිනා බව දැන නොසිටියෙමි මම. ඒ බව දැන් දැන දැනත් මා පෙම් කරමි එදවස මා නමින් උපන්, අප ආදරයේ නමින් උපන්, මගේ කදුලක් වෙනුවෙන් උපන්, ඔබේ උණු කදුලක අපේක්ශාවෙන්. කෙදිනකවත් මා දෑසින් ඒ කදුල දකින්නට නොහැකි උවද, දිනක, මා දෙනක හොවා, සුදු ඇදුමින් සරසා, දෙඅත් කුසට බැද, ඔබත් සමග නොව මාරයා සමග දීගෙක යන දිනට මා ලගට විත් පෙර දවස ආදරයෙන් සිපගත් මා මුව අතගා මා වෙනුවෙන් කදුලක් උපදවා ගන්න. ඒ ඇති මට සසර පුරාවට ඔබවම පතන්න. W.C.නයනතාරා.