මියැදෙන ආදරේ

ඒ හිනාව යට,
මා මත් කල කතාව යට,
මට පෙන්වූ ආදරේ යට,
රකුසෙකු සිටිනා බව
දැන නොසිටියෙමි මම.
ඒ බව දැන් දැන දැනත්
මා පෙම් කරමි
එදවස මා නමින් උපන්,
අප ආදරයේ නමින් උපන්,
මගේ කදුලක් වෙනුවෙන් උපන්,
ඔබේ උණු කදුලක අපේක්ශාවෙන්.
කෙදිනකවත් මා දෑසින් ඒ කදුල දකින්නට නොහැකි උවද,
දිනක,
මා දෙනක හොවා,
සුදු ඇදුමින් සරසා,
දෙඅත් කුසට බැද,
ඔබත් සමග නොව
මාරයා සමග දීගෙක යන දිනට
මා ලගට විත්
පෙර දවස
ආදරයෙන් සිපගත්
මා මුව අතගා
මා වෙනුවෙන් කදුලක් උපදවා ගන්න.
ඒ ඇති මට

සසර පුරාවට ඔබවම පතන්න.

W.C.නයනතාරා.

Comments

  1. ඒ හිනාව යට,.............................

    ඒ කතාව යට,........................

    ඒ ආදර කතාව යට,.......................

    මට පෙන්වූ ආදරේ යට,........................

    නොදැන සිටියෙමි කිසි දින,....................

    රකුසෙකු සිත යට උන් වග,......................

    නමුදු එය නොදැන පෙම් කලෙමි,.....................

    මහා සයුර තරම්,....................

    මගේ දෑසින් වැටෙන කදුලු වෙනුවෙන්,..............

    නුබේ දෑසින් වැටෙන කදුලු යට,...................

    නොදැන සිටියෙමි මම සිනාවක් තිබූ වග,..............

    මට දුන් හාදූ යට ,.............................

    නොදැන සිටියෙමි ගිනි දලු ඇති බව,....................

    නමුදු නැත තවත් වයිරයක්,.......................

    සමු ගනිමි, නුබෙන් හා නුබෙන් උපන් ආදරයෙන්..............................

    ReplyDelete
  2. ඒ හිනාව යට,.............................

  3. Kohoma kiyannada danena haguma.maru

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මමයි මනාලී

Sumangi සුමංගි