හොඳම නිළිය

හොදම නිලිය

ශාලාව පුරාම සිටින කලාකරුවන් සියල්ල දෑස් වේදිකාව වෙතම යොමුකරගෙන සිටියේ හොදම ප්‍රතිපල අපේක්ශාවෙන්. නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව නිවේදකයා ජයග්‍රාහී නාමය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් උනා.
" නිර්දේශිත නාමයන් අතරින් වසරේ විශිශ්ටතම රංගන ශිල්පිණියට පිදෙන සම්මානයෙන් පිදුම් ලබන්නේ.....
පිණි බිඳු චිත්‍රපටයේ දේදුනුගේ චරිතයට පන පෙවූ සිතාරි නයගරා..."
ශාලාවම ඔල්වරසන් හඩින් පිරී යද්දී හිතවතුන්ගේ සුබ පැතුම් මධ්‍යයේ සිතාරි වේදිකාවට නැගුනා.
"ඉතින් සිතාරි ඔබේ පලමු සිනමා නිර්මානයෙන්ම ඔබ සම්මානට පාත්‍ර වෙනවා. කොහොමද දැනෙන හැගීම."
"ඇත්තටම හුගක් සතුටුයි. මට උදව් කරපු අයටත් එ වගේම එහෙම නොකරපු අයටත් හුගක්ම ස්තූතිවන්ත වෙනවා."
සොදුරූ වූ සිනහවකින් වත සරසාගෙන සිටින මේ රූමත් නිලිය ලෝකෙටම පේන්න හරි අහිංසක යුවතියකගේ භූමිකාව රගපෑ ඇතුලාන්තයෙන්ම හිස් කාන්තාවක්. සැබැවින්ම ඇය කාන්තාවක්. මොකද යුවතියක් සතු පිරිසිදු බව ඇයට අහිමි නිසා. යුවතියක් සතු වටිනාම සම්පතද ඇය තිළිණ කරන්නේ ආදරයේ නාමයෙන් නම් නෙවෙයි. නිළිකමේ නාමයෙන්.
සිතාරි කෑගල්ල තරමක් පිටිසර ගමක උපන්නියක්. දනිහෙන් ඇවිදින කාලේ ඉදන්ම සිතාරිට නැටිල්ල හොදට පිහිටලා තිබුනා. තරමක් වැඩෙද්දී ඇගේ සෞන්දර්ය හැකියාවන් වඩාත් වැඩි දියුණු වෙනවා.
"කවදා හරි මං ලොකු උනාම ලස්සන නිළියක් වෙනවා"
ඒක පුංචි සිතාරිගේ එකම හීනය උනා.
යොවුන් වියට එද්දි නිළි උනේ ඔලුවටම ගහලයි තිබ්බේ.
ගමේ ,ඉස්කෝලෙ නාට්‍ය සංදර්ශ, නැටුම් සංදර්ශ වලට සිතාරි නැතුවම බැරි චරිතයක්. ඉගෙනීම සතේකට මායිම් නොකරපු ඇය සාමාන්‍ය පෙළින් පස්සෙ පාසල් ගමනත් නැවැත්තුවා.
"අම්මේ මට සල්ලි ටිකක් ඕනි."
ඉස්කෝලෙ ගමන නවත්තලා දාලා මාසයක් යන්න කලින් අලුත් නැටුමක් පටන් ගත්තා.
"මේ ගේ අස්සට වෙලා ඉන්න උබට සල්ලි මොකටද සිතාරී. "
"ඒ නිසා තමා සල්ලි ටිකක් ඕනි. හැමදාම මෙහෙම ගේ අස්සට වෙලා ඉන්න බැහැනෙ."
"දැන් දුව මොකද්ද කරන්න හදන්නෙ කියන්න."
"අම්මා අර අම්මා දන්නවා නේද ජයතිස්ස වික්‍රමබාහු කියන නලුවාව. එයාගෙ ඩ්‍රාමා ක්ලාස් වලට අලුතෙන් ලමයි ගන්නවලු මටත් යන්නෝනි අම්මා"
ඉගෙනීමත් නවත්තල දාලා ඉන්න සිතාරිගේ ඉල්ලීමට අම්මයි තාත්තයි එක හෙලාම විරුද්ධ උනා. ඒත් සිතාරිගෙ හිතුවක්කාරකම් ගැන දන්න නිසා අන්තිමේදි කැමති වෙන්න සිද්ද වෙනවා.පංති පැවැත්වුණේ කොලඹ. ඔන්න ඔහොමයි කෑගල්ලෙ ඉදන් සිතාරි කොළඹට එන්නේ. ජ්‍යෙෂ්ඨ නලුවෙක් මෙහෙයවන ඒ පංතියේදි සිතාරි නාට්‍ය කලාව ඉගෙනගන්නවා. කාලය ගතවෙලා සිතාරිගේ නාට්‍ය කලා පාඨමාලාව හමාර වෙනවා. එත් ගමට යන්න ඇයට අදහසක් නෑ. කොළඹ නාගරික ජීවිතේට ඇය ඇලුම් කලා. මේ අතරතුරේදි තමා වෙළද දැන්වීම් වලට නිරූපනය ශිල්පිණියන් තෝරාගන්නා සම්මුඛ පරීක්ෂණයකට ඇය සහබාගි වෙන්නේ. ඇයගෙ රංගන දක්ශතාවය ඉහල මට්ටමක තිබුනත් ඇයව තෝරාගන්නේ නැහැ. ඒ වෙලද දැන්වීම ටීවී එකේ දකිද්දී ඇගේ ඇස් වල කදුලු පවා පිරුනා.
"ඔයිට වඩා කොච්චර හොදට මට කරන්න පුලුවන්ද "
ඇය තනියෙන්ම හිතුවා.
තව සම්මුඛ පරික්ශන දෙක තුනකටම සහභාගී උනත් එකම අවස්තාවක්වත් ඇයට ලැබෙන්නේ නැහැ.
" ඩිරෙක්ටර්ස්ලට ඇක්ටින් විතරක් මදි බං හොදට සලකන්නත් ඕනි බං. නැත්තන් අපිට සදා හුලං තමයි. "
නාට්‍ය කලා පංතියේදී හදුනාගත් මිතුරියක් සිතාරිට වැදගත් අවවාදයක් දෙනවා. ඒ ඔස්සෙ යන සිතාරි වෙළද දැන්වීම් කිහිපයකටම පෙනී සිටිනවා. ඒ අවුරුදු 21ක් පුරා රැකගත් ගෑනුකම උකසට තියලා.
වෙළද දැන්වීම් වලින් ටෙලිනාට්‍ය ක්ශේස්ත්‍රයටත් පිවිසෙන සිතාරිට මෙගා ටෙලිනාට්‍ය තුලින් විශාල ජනප්‍රියත්වයක් ලබා ගන්න පුලුවන් වෙනවා. ඒත් හැම නාට්‍යක් වෙනුවෙන්ම සිතාරිට ශරිරය ටෙලිනාට්‍ය මුදලාලිලාට බද්දට දෙන්න සිද්ද උනා. කිසිම හිරිකිතයකින් නැතුව අධ්‍යක්ෂකවරුන්ගේ අතින් අතට යන්නේ සුපිරි ටෙලියක සුපිරි චරිතයක් බලාපොරොත්තුවෙන්.
"සිතාරිව ගමු නේද. ඒකි අපිටත් හොදට සලකනවා"
ඇගේ දක්ශතාවය නොසලකා රූමත් ඇගේ ශරීරයට වහ වැටුනු ටෙලිනාට්‍ය මුදලාලිලාත් ඇය පසුපස්සේම වැටුනා.
මුලුමනින්ම නාගරික ජීවිතයට හැඩගැසෙන සිතාරි ටෙලිනාට්‍ය නිළියක් විදිහට හොද ජනප්‍රියත්වයක් ලබාගන්නවා. අනෙකුත් තරුණ නිළියන් ඇගේ සුන්දරත්වයට ඉරිසියා කරා. නමුත් තම නිළි  හීනය සැබෑ කරගත් සතුටින් සිතාරි කාලය ගෙව්වා. දවල් ශූටිං රෑට සමාජ ශාලා  මධුවිත වලට හුරු උනු සිතාරි තරු පහේ ජීවිතයක් ගතකලා. ඇගේ ජීවිතය ගැන ඔත්තු සොයන ජනමාධ්‍ය හරහා ඕපාදුපය නිතර නිතර පැතිරෙන්නෙ ඇගේ ප්‍රසිද්දිය තවත් වැඩි කරමින්.
"ඕනෑම ජනප්‍රිය කෙනෙක්ට මඩ ගහන එක මේ රටේ මිනිස්සුන්ගේ පුරුද්දක්නේ. දන්න අය දන්නවා මං කව්ද කියලා. ඒ ඇති මට"
අහින්සක විදිහට එහෙම කියලයි කටකතා වලින් ගැලවුනේ.
මේ අතරෙදී ජනප්‍රිය තරුණ අධ්‍යක්ෂක වරයෙක් වන ධනුක එදිරිමාන්න පිනි බිදු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන දේදුනුට සිතාරිව තෝරා ගැනෙන්නේ. ඒ චිත්‍රපටයේ අහිංසක ගැමි ළදක් ලෙස සම්භාව්‍ය රංගනයෙක යෙදෙන සිතාරිව රසිකයින් තවත් ආදරයෙන් වැළද ගන්නවා. ඒ රංගනයටමයි ඇය අද මේ හොදම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලබන්නෙත්. නමුන් සම්මාන පිට සම්මාන ලැබුවත් ඔවුන්ගේ ජීවිතය මහා විසාල බොරුවක්. මේ විදිහට අහිංසකව දකින සිතාරි තව මොහොතකින් වයස් භේදයකින් නැතුව නලු නිළියන් ටෙලි මුදලාලිලා වටකරගෙන සමාජ ශාලාවකට  මධුවිත සොයා යාවී. ඒ ජයග්‍රහණයේ සතුට සමරන්න. ඒත් උපන්දා ඉදන් හැදූ වැඩූ අම්මා තාත්තා අවුරුදු ගනනකින් මුහුන නුදුටු ආදර දියණියගේ ජයග්‍රහණය දැකලා සතුටු කදුලු  වගුරනවා. ඒ ඇත්තම ආදරේ විදින්න පින් මදිවූ දියණිය අද කාත් එක්ක යහන බෙදාගනිවිදැයි ඇයවත් තවම නොදන්නවා ඇති. මේවට කියන්න ඉංග්‍රීසි වචන නැ.මං දන්නා තරමින් පොශ් වචනත් නෑ. එත් සිංහලෙන්ම කියතැහැකි
"කාලකන්නි ජීවිත"

Comments

  1. Best Betting Sites - 1xbet korean
    List of betting sites for bet365. It is important to note that betting on horse racing at Bet365 is legal. How 1xbet nigeria do I get the best odds on football

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මියැදෙන ආදරේ

මමයි මනාලී

Sumangi සුමංගි